වැව්, ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන “හම්බුපන්” ගලවා ඉවත් කිරීමට පියවර

Share

වැව් සහ ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන “හම්බුපන්” ගලවා ඉවත් කිරීමට යන්ත්‍ර යොදවා හෝ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ම‌ෙම “හම්බු” නැමැති පන් විශේෂය විසින් අප රටේ පහතරට ප්‍රදේශවල වැව් සහ ඇළ මාර්ග රැසක් මේ වන විට ගිලගෙන තිබේ.

මේ නිසා වැව් සහ ඇළ මාර්ග ගොඩ වීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර ඇති අතර, ඒවායෙහි අවශ්‍ය ජල ධාරිතාව රැස් වන්නේ නැත. එයට හේතුව අඩි 08ක් පමණ උසට ඝනව පැතිරෙන මෙම “හම්බු පන්” විශේෂය වැව් සහ ඇළ මාර්ග ආක්‍රමණය කරමින් තිබීම නිසාය.

“හම්බු පන්” (Typha Angustifolia) ආක්‍රමණශීලි ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි.

මෙම පන්වල හට ගන්නා මල්වල රේණු සුළඟේ පැතිර යාම නිසා අවට ජනතාවට ද මහත් හිරිහැරයක් වී ඇත. ඒ එම රේණු ඇඟ තැවරුණු විට කැසීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇති වන නිසායි.

Read more

Local News