නව අගවිනිසුරු නලීන් පෙරේරාට අනුමැතිය

Share

නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වූ අගවිනිසුරු තරනතුර සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම් කර තිබුණි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් අග විනිසුරු ධුරය සඳහා සිය නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ පසු එම සභාවෙන් අනුමත විය යුතුය.

ඒ අනුව අද (12) දහවල් කතානාය කරු ජයසූරියගේ ප්‍රධානයත්වයෙන් රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ම‌ෙම පත් කිරීමත් සමඟ අවුරුදු තිහකට පසු වෘත්තිමය විනිසුරුවරයකු අග විනිසුරුවරයා ලෙස පත් වන ප්‍රථම අවස්ථාව මෙය බව අධිකරණ ආරංචිමාර්ග පවසයි.

Read more

Local News