ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු නලීන් පෙරේරා දිව්රුම් දෙයි

Share

ශේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු වරයා ලෙස අද(12)  පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

ජනාධිපතිවරයා විසින් මී ළග අගවිනිසුරු වරයා ලෙස නලීන් පෙරේරා මහතා ගේ නම යෝජනා කර තිබූනු අතර  අද පස්වරුවේ රැස් වූ ව්‍යවස්ථා දායක සභාව එම නම අනුමත කරල ලදී.

කොට්ටේ හා ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලවල ආදි සිසුවකු වන නලීන් පෙරේරා 1980 දී අධිකරණ සේවයට එක් වී ඇති අතර 1984 දී මහේස්ත්‍රාත්වරයකු ලෙස පත්වීම් ලබා ඇත.

මහේස්ත්‍රාත් වරයකු වශයෙන් ගල්කිස්ස, වසල්මුල්ල, කලුතර හා කොළඹ කොටුවේ සේවය කළ ඔහු  1990දී දිස්ත්‍රික් විනිශ්චය කාරවරයකු හා සහකාර දිස්ත්‍රික් විනිශ්චය කාරවරයකු වශයෙන් පත් කෙරුණි. 2001වර්ෂයේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වීම් ලද ඔහු රත්නපුර,  මහනුවර   හා නුවරඑළිය යන ප්‍රදේශවල සේවය කර ඇත. 2016 වසරේදී නලීන් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වීම් ලබා ඇත.

Read more

Local News