හෙරොයින් තොගයක් සමඟ පකිස්ථාන ජාතිකයෙක් අත්අඩංගුවට

Share

අද(13) අළුයම 2.25 පමණ කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී ලක්ෂ 300කට ආසන්න වටිනාකමකින් යුත්‍ හෙරොයින් තොගයක් සමඟ පකිස්ථාන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඒකකයේ නිලධාරීන් විසින්ය.

මෙම සැකකරු ද‌ෝහ සිට ම‌ෙරටට පැමිණි 38 හැවිරිදි පුද්ගලය‌ෙකි.

ඔහු රැගෙනා ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබු කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 426ක හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News