අදත් ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කළ‌ේ.

Read more

Local News