නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

Share

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව ගොඩනැගිලි සංකීර්ණය රත්මලාන කඳවල ප‍්‍රදේශයේ ඉදි කර තිබේ.

ජයිකා ආධාර යටතේ ඉදිකර තිබෙන මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ජපන් යෙන් මිලියන 1240 කි. එයින් යන්ත්‍රෝපකරණ සඳහා වැය කර ඇති මුදල ජපන් යෙන් මිලියන 910 කි.

Read more

Local News