ඕනෑගම ප්‍රදේශයේ පුරාවස්තු කැණීම් කළ හය දෙනෙකු අත්අඩංගුවට

Share

පොළොන්නරුව, වෙට්ටකාඩුව පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව ඕනෑගම ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පුජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 40ත් අතර පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News