නිව්වැලිගම ප්‍රදේශයේ නායයෑම් අවදානම ඉහළට

Share

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව, හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති.

මිට දින කිහිපයකට ප්‍රථම එම ප්‍රදේශය නායයෑමට සක්‍රිය විමත් සමඟ එහි පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු ජාතික ගොඩනැලි ආයතනයේ නිර්දේශයක් මත ඔවුන් පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත් කරන ලදි.

එම ප්‍රදේශය නායයෑමට සක්‍රිය විමත් සමඟ එම ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නොර්වුඩ් පොලිසිය පියවර ගත් අතර, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට පොලිසිය පියවරගෙන තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ව නායයෑමට සක්‍රිය වි ඇති ස්ථානය මගහැර නායයෑමට සක්‍රිය වි ඇති ස්ථානයට ඉහළින් වු තේ වත්ත මැදින් පාගමනින් ගමන් කරවිමට පොලිසිය කටයුතු කර ඇත.

ප්‍රධාන මාර්ගය ගිලා බැසිමත් සමඟ නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

නායයෑමට සක්‍රිය වි ඇති ස්ථානය නිරික්ෂණ කිරිම සඳහා ඊයේ (14) එම ස්ථානයට පැමිණි කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්න අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අවතැන් වු පවුල් 5 සඳහා නොර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක රජය මගින් නිවාස ඉදි කර දිමට කටයුතු කරන බවට පවසා ඇත.

Read more

Local News