ධීවර දිනය අදයි

Share

ධීවර දිනය අරඹමින් අද (10) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සංවර්ධන වැඩසටහන් ආරම්භ වෙයි. මෙම ධීවර දිනයට සමගාමීව රට පුරා වැඩසටහන් රැසක් අද දිනෙන් ඇරැඹෙන අතර එම වැඩසටහන් වසර පුරාම ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යංශය කියයි.

ඒ යටතේ රුපියල් මිලියන 200 ක වියදමින් ඉදිවූ ,කල්ලරාව මිරිදිය ඉස්සන් අභිජනන මධස්ථානය ඇමැතිවරයා අතින් අද විවෘත වන අතර සාගර පුර ධීවර නිවාස ව්‍යාපෘතියෙහි කටයුතු ඇරැඹීමද අද (10) දින ඇමැති මහින්ද අමරවීර මහතා අතින් සිදු වෙයි.මෙහිදී එක් නිවසකට රුපියල් ලක්ෂ 04 බැගින් නිවාස 21 ක් මෙම ගම්මානයෙහි ඉදිවේ.ත්‍රිකුණාමල නගරයේ ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවිසල නවීකරණය කර විවෘත කිරීමද අද සිදු කෙරේ. මෙම අවස්ථාවන්ට ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලගම මහත්වරුද එක්වෙති.

 

Read more

Local News