සීගිරි ළඳුන් 3D ව‌ෙයි

Share

ල‌ෝක උරුමයක් වු සීගිරිය‌ේ ඇති බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත ල‌ේසර් කිරණ මඟින් ත්‍රිමාණ ප්‍රතිරූප බවට පත් කිරීමට වැඩපිළිව‌ෙළක් ආරම්භ කර තිබේ.

ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්ත‌ේ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලය සහ ජර්මනිය‌ේ හැම්බර්ග් විශ්වවිද්‍යාල එක්වයි.

සීගිරිය‌ේ බිතු සිතුවම් සහ කුරුටු ගීත ල‌ේසර් තාක්ෂණය ය‌ොදාග‌ෙන පිටපත් ක‌ෙර‌ෙ‌න බැවින් ජනතාව දැනුවත් කරමින් එය කිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

ල‌ෝකයේ විවිධ ස්ථාන ම‌ෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාළිගාවේ ද ‌මේ ආකාරය‌ෙන් බිතුසිතුවම් ත්‍රිමාණ රූප ල‌ෙස ප්‍රතිනිර්මාණය කළ බවයි කැලණිය විශ්වවිද්‍යාලය‌ේ හිටපු මහාචාර්ය නන්දද‌ේව මහතා සඳහන් කළ‌ේ.

බිතුසිතුවම් වලට හානියක් සිදු න‌ොවන ආකාරය‌ෙන් ම‌ෙම කටයුතු සිදු කරන බව මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියි.

ම‌ෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සිගිරි පව්වට නැගීමට න‌ොහැකි ආබාධීත පුද්ගලයින් ව‌ෙනුව‌ෙන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම කර තිබේ.

Read more

Local News