රුපියල බේරගන්න ආනයනය පාලනය කරයි

Share

රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය නා‌ෙවන පාරිභ‌ෝගික භාණ්ඩ ආනයනය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ග‌ෙන තිබේ.

රූපවාහිනී, ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, ර‌ෙදි ස‌ෝදන යන්ත්‍ර, සුවඳ විලවුන් සහ පාවහන් ඒ අතරට ඇතුළත්.

වාණිජ බැංකු සහ බලය ලත් මුල්‍ය ආයතන ව‌ෙත බැංකුව දැනුම් දී ඇත්ත‌ේ එම භාණ්ඩ ආනයනය සඳහා ඇම‌ෙරිකානු ඩ‌ොලරය ඇතුලු විද‌ේශ මුදල්වලට රුපියල් මාරු කිරීම තහනම් කිරීමටයි.

දැනට වාර්ෂිකව ඩ‌ොලර් බිලියන 22ක් වැය කර ම‌ෙරටට භාණ්ඩ ආනයනය සිදු ක‌ෙ‌රේ.

මේ වන විට ඇම‌ෙරිකානු ඩ‌ොලරයක විකුණුම් මිල සටහන් වන්න‌ේ 172යි ශත 93ක් ල‌ෙසයි.

Read more

Local News