ධීවර කර්මාන්තයට නොර්වේ අතහිත

Share

ශී‍්‍ර ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණික දැනුම ඔස්සේ සංවර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබාදීම සඳහා නෝර්වේ රජයේ පාර්ලිමේන්තුව එකඟතාවය පළ කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවසීය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ උපදෙස් මත නෝර්වේ රාජ්‍යය බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ දූත පිරිසක් එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ වී ඇත.

මේ පිළිබඳව අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා; නව තාක්ෂණික දැනුම ඔස්සේ මෙරට ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නොර්වේ රාජ්‍යයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව එරට පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තා. ඉදිරි කාලසීමාව තුළ ඊට අදාළ වැඩසටහන් සකස් කිරීම පිළිබඳව නෝර්වේ සහ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු වීමට නියමිතයි යැයි සඳහන් කළේය.

Read more

Local News