ධම්මාලෝක හිමිගේ නඩුව 25 වැනිදා

Share

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විත්තියේ දේශන ලබන 25 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි ලද චෝදනා යටතේය.

මෙම නඩුව අද(15) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාගයට ගනු ලැබිය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා තම දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අලි පැටවාට බලපත්‍රයක් නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

ඒ පිළිබඳව අධිකරණය හමුවේ සාක්ෂි මඟින් ද කරුණු සනාථ කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා එම අලි පැටවා විත්තිකාර ධම්මාලෝක හිමියන්ගේ ස්වාමිත්වය තිබූ බවට කරුණු තහවුරු වී ඇතැයි ද කියා සිටියේය.

අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව ලබන 25 වැනිදාට කල් දැමුණි.

Read more

Local News