නිවාස හතරක් කාසල්රි ජලාශයට

Share

නායයෑමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් අද (15) උදැසන 11.30 පමණ කාසල්රි ජලාශයට ඇදි ගොස් ජලාශයේ තැන්පත් වි ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් හා නිවාස පහක් නායයෑමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කරනු ලැබීය.

Read more

Local News