ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බවයි.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබ‌ෙන බවටයි සඳහන් වන්න‌ේ.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබ‌ෙ‌න බවද තවදුරටත් වාර්තා ව‌ෙයි.

Read more

Local News