බන්ධනාගාරවල ආරක්ෂාවට STF සහය

Share

බන්ධනාගාරවල සිදුවන විවිධ ජාවාරම් මැඩලීමේ අරමුණින් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම හෙට(17) දිනයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබේ.

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහයෝගය ලබාගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාශය තීරණය කර ඇත.

හෙට දිනයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහාත්, ඉදිරි සති දෙක තුළ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට ද පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට නියමිතයි.

Read more

Local News