ඉදිකිරීම් වැඩබිමක චීන ජාතිකයෙක් මරුට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටි චීන ජාතිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. එම වැඩ බිමෙහි කම්කරු නිවාසයක් තුල මිය ගොස් සිටියදී හමුව ඇතැයි වීරකැටිය පොලිසිය පැවසීය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 43 හැවිරිදි චීන ජාතිකයෙක් වන අතර මෙම පුද්ගලයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන වීරකැටිය, බැදිගම, මල්බෙරිය වැඩපලෙහි කම්කරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බව වාර්තාවේ.

අද (16) පෙරවරු කාලයේදී සේවයට වාර්තා නොකිරිම නිසා ඔහු පිළිබදව සොයාබැලූ අනෙකුත් සේවකයින්ට මෙම පුද්ගලයා නිදන ඇදෙහිම මිය ගොස් සිටියදී හමුව තිබේ.

වීරකැටිය පොලිසිය මරණය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Read more

Local News