කඩෙන් ගේන ගොටුකොළ, මුකුණුවැන්න වස වෙයි

Share

කොතරම් සේදුවද ඉවත් නොවන රාසායනික ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් වෙළඳපෝලේ අළෙවි කරන මුකුණුවැන්නා හා ගොටුකොළ වල අඩංගු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක වාණිජමය වශයෙන් වගා කෙරෙන මුකුණුවැන්නා සහ ගොටුකොළ යොදා ගනිමින් පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් සිදු කළ පර්යේෂණයකිදී මේ බව හෙළි කරගේන ඇත.

කළුතර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල වගාකරණ පළා කොළවල දින 7 කට පසුව ලබා ගත් සාම්පල මෙසේ පරීක්ෂාවට ලක් කර ඇත.

Read more

Local News