මැච් එක අදත් වැස්සට පරදියි

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (17) පැවැත්වීමට නියමිතව තිබු තුන්වන එක්දින තරඟ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ තරඟයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ මෙතෙක් අවස්ථාවක් ලැබී නොමැත.

තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරඟ දෙකක් දැනට පැවති අතර ඉන් එංගලන්ත කණ්ඩායම මේ වනවිට 1-0ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසුවෙයි.

Read more

Local News