ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විසදුම්

Share

ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරතවූ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා සේවා යෝජකයින් හමුවී ඔවුන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳ  සාකච්ඡා කර තිබේ.

තවද ඔවුන්ගේ ඉල්ලීම් හා ගැටලුවලට කඩිනම් පියවර ගැනීමට ද කටයුතු කර අැත.

කෘෂි ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවය කරන ස්ථානවලට ගොස් මෙම හමුවීම් පැවැත්වූ අතර එහිදී මෙරට ශ්‍රමිකයින්ගේ සේවා තත්ත්වය පිළිබද සේවා යෝජකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිව අැත.

Read more

Local News