සකර්බර්ග්ට ෆේස්බුක් මුල් පුටුව අහිමිවේ ?

Share

ෆේස්බුක් සමාගමේ සභාපතිධුරයෙන් මාර්ක් සකර්බර්ග් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් සඳහා එම සමාගමේ කොටස් හිමිකාරිත්වය දරණ ඇමෙරිකානු සමාගම් 04ක් සහය පළ කර තිබේ.

ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතු වූ මතබේදකාරී තත්ත්වය මුල් කරගනිමින්, කොටස් හිමිකාරීත්වය දරණ සමාගමක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් ඊට සෙසු සමාගම් 03ක් ද සහය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්වල සහභාගීත්වයෙන් ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී මාර්ක් සකර්බර්ග් එම ධුරයෙන් ඉවත් කිරීම පිළීබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

Read more

Local News