අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැහි

Share

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති විය හැක.

Read more

Local News