ශ්‍රී ලාංකේය තරුණයා ත්‍රස්තයෙක් නොවන බව පොලීසිය කියයි

Share

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්තවාදී චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාට එල්ල වී තිබු චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය විසින් ඉවත් කර ගෙන ඇත.
අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයෙකි.
නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතය.
සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය පැවසීය.
ඔහුගේ සටහන් පොතේ තිබූ අත්අකුරු නිසාම්දීන්ගේ නොවන බව පසුව හෙළිදරව් වී අැත.

Read more

Local News