කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නැහැ

Share

කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද(19) අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එ් ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙනි. අද මධ්‍යහන 12 සිට හෙට(20) අළුයම 5 දක්වා පැය 17 ක කාලයක් මෙම ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ සහ කොළඹ 06 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Read more

Local News