වාස්ගේ නඩුව ජනවාරි 22 වැනිදා

Share

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා යැයි ලද චෝදනා යටතේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබ්ණි.

ඉකුත් රජය සමයේ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් එම සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 883 පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News