වෛෂ්ණාවි වියට්නාම හැනෝයි ජාත්‍යන්තර උළෙලට

Share

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සිනමා ඛාණ්ඩය සදහා තේරී පත්වී තිබේ.

මේ අනුව ඔක්තෝබර් 27 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී වෛශ්නාවී සිනමා පටය තිරගත වනු ඇත.

වෛෂ්ණාවි සිනමා පටයේ ඔසඳගේ චරිතය නිරූපණය කරන ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්න සිනමා උළෙල නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

Read more

Local News