අධ්‍යාපන ලොක්කෝ පිරිසක් විදේශ පුහුණුවකට

Share

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ උප පීඨාධිපතිවරුන් පිරිසක් ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් හෙට (20) සිට සතියක කාලයක් පුරා චීනයේ පැවැත්වෙන විශේෂ පුහුණු වැඩසටහනකට සම්බන්ධ කරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මීට අදාළ ගුවන් ටිකට්පත් ප්‍රදානය අද (19) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණි.

25 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඒ අනුව හෙට චීනය බලා පිටත්වීමට නියමිත අතර තවත් විදුහල්පතිවරුන් 40කගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ඔක්තෝබර් 21 දින මැලේසියාව බලා පිටත්වීමට නියමිතයි.

Read more

Local News