සොබාදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නොමැත – ජනපති

Share

සොබාදහමේ ආශිර්වාදයෙන් තොරව මිනිසාට ඉදිරි ගමනක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජනාධිපති පරිසර සම්මාන උලෙළ 2018 අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තම ජීවිතයට ආදරය කරන සහ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතන සෑම පුරවැසියෙකුම සොබාදහම සුරැකිය යුතු බවයි.

පරිසර සංරක්ෂණය සහ රටේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා තම ජීවිතයේ සෑම සුබ කටයුත්තකදී ම පැළයක් සිටුවිම පුරවැසියෙකු සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා ඉටුකරන සුවිශේෂී වගකීමක් සහ යුතුකමක් වනු ඇති බව ද සඳහන් කළේ ය.

පරිසර හිතකාමී පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන උළෙල පරිසර හිතකාමී කර්මාන්ත සහ සේවාවන් දිරි ගැන්වීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි. “නීල හරිත යුගයක්” අනාගත ශ‍්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන “ශ‍්‍රී ලංකා නෙක්ස්ට්” වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක ය.

Read more

Local News