Tuesday, March 19, 2024.

කෝටි හතරකට අධික පොලිතින් බෑග් නොමිලේම පරිසරයට

Share

සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ සැල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප‍්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙළිවී තිබේ.

මෙම පොලිතින් බෑග් දිරා යන ඒවා බව පවසන නමුත් එයින් අති බහුතරයක් දිරා නොයන සාමාන්‍ය පොලිතින් බව පරිසරවේදීහු පවසති.

මෙසේ නොමිලේ බෙදා හැරෙන පොලිතින් බෑග් නිෂ්පාදන දිරා යන්නට වසර 500 කට අධික කාලයක් ගත වෙයි.

එමනිසා පරිසරවේදීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සුපිරි වෙළඳසැල්වලින් නොමිලේ ලබා දෙන පොලිතින් කවර ප‍්‍රතික්ෂේප කරන ලෙසත් වෙළඳපොලට යනවිට නැවත භාවිතා කළ හැකි මල්ලක් රැගෙන යන ලෙසයි.

Read more

Local News