දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසී – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Share

දිවයින පුරා, වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද සහ වයඹ පළාත්වල) මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

Read more

Local News