Tuesday, March 19, 2024.

මන්නාරමේ මිනිස් අස්ථි අමෙරිකාවට

Share

මන්නාරම සමූහ මිනී වලෙන් ඉවත් කළ මනුෂ්‍ය අස්ථි කොටස් කාබන් කාල නිර්ණ පරීක්ෂාව සඳහා අමෙරිකාවේ රසායනාගාරයක් සඳහා යොමු කිරීමට මන්නාරම අධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

මන්නාරම් විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි රසායනාගාරයක් වෙත මෙම අස්ථි කොටස් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

අදාළ අස්ථි කොටස් තම භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂ කාමරයක ගබඩා කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය මාර්තු මාසයේදී මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව එහි ඉවත් කළ පස් ගොඩක තිබී මිනිස් අස්ථි කිහිපයක් හමුවීමත් සමග එම ස්ථානයේ විශේෂ ආරක්ෂාවක් සහිතව කැණිම් කටයුතු ආරම්භ  කර තිබුණි.

Read more

Local News