Tuesday, March 19, 2024.

දකුණේ ඇමතිවරයෙක් වැළපෙයි

Share

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් කඩඉම් ලකුණු ඉක්මවූ දරුවන් ඇගයීම සඳහා සංවිධානය කර තිබූ ජයසක් සිසු උපහාර උළෙල ඊයේ (19) පස්වරුවේදී තංගල්ල නගර ශාලාවේදී පැවැත්වූ අතර එහිදී  සිසු දරුවන් හා දෙමාපියන් ඇමතූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා කථාව අතරතුරදී හඬා වැටිණි.

2017 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා සමත් වූ දරුවන් ඇගයීම සඳහා මෙම වැඩසටහන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබිණි.

දකුණු පළාතේ දරුවන් ලබාගෙන ඇති ජයග්‍රාහණ පිළිබදව කරුණු දක්වමින් සිටියදී රැස්ව සිටි සිසු දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් ඉදිරියේ අමාත්‍ය හැඟීම්බරව කඳුළු පිස දමමින්, හඬමින් සිය කථාව සිදු කළේය.

Read more

Local News