තෙල් මිල සූත්‍රය ගැන සැකයි මරික්කාර් කියයි

Share

ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දී ඇතැත් තමන්ට ඒය නොතේරෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

තෙල් මිල වැඩිවීමත් සමඟ මිල වැඩිකිරීමේ ප්‍රමාණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවත් මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ සුභ සාධක සමීති 07 ක් සදහා රුපියල් 300,000 ක් වටිනා උත්සව භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමිනි.

“දැන් ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ  ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා’’. යැයි මරික්කාර් මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News