නායකයින්ගේ ඔළු කන මැක්කෝ තාමත් ඉන්නවා

Share

ජනාධිපතිධූරයට සහ අග්‍රාමාත්‍යධූරයට පත් කළේ හොද නායකයින් දෙදෙනෙකු බවත් නායකයින් දෙදෙනාගේ ඔළුවේ ඉන්න මැක්කෝ වගේ සමාජිකයින් තාමත් සිටින බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේ‍ශයේ ඉදි කරන ලද නව සේවා පියස ඊයේ (21) විවෘත කිරිමේ උත්සවයට සහභාගිවෙමිනි.

තවද යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් රටේ යහපාලනය ක්‍රියාත්මක කරන ලෙසත්  තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

මෙම රෝහලට ලක්ෂ 20ක් වටිනා උපකරණද මෙහිදි පරිත්‍යාග කරනු ලැබිය.

Read more

Local News