474 කට ග‍්‍රාම නිලධාරි පත්වීම්

Share

ග්‍රාම නිලධාරීන් 2500ක් බඳවා ගැනීමේ දෙවැනි අදියර අද(22) අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ අනුව නව ග්‍රාම නිලධාරීන් 370 දෙනකු සඳහා පත්වීම් අද ලබාදීමට නියමිතය. එමෙන් ම පරිපාලන ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය සමත්වූ ග්‍රාම නිලධාරීන් 104 දෙනකුට ද පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ දෙවැනි අදියර යටතේ බඳවා ගැනීම් සිදුකරන්නේ ද කලින් පැවැත්වූ විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පදනම් කරගෙන බවයි.

Read more

Local News