විග්නේෂ්වරන් දේශපාලනේට ගෙනාපු එකම පවක්

Share

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශ්වරන් මහතා යෙදවීම හේතුවෙන් තමන් ඇතුළු පක්‍ෂය අවුරුදු 05ක් පුරාවට විඳවන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්‍ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ  ඊයේ (21දා) සවස මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාවේයි සේනාධිරාජා මහතා පැවසුවේ ”විග්නේෂ්වරන් මහත්තයා අපි දෙමළ ජාතික සන්ධානයෙන් දේශපාලනයට ගෙනැල්ලා විශාල පවක් කරගත්තෙ. ඒකෙ වැඩි කොටසක් මම තමයි කරලා තියෙන්නේ. දැන් අවුරුදු 05ක් තිස්සේ අපි ඒක විඳවමින් ඉන්නවා’’ යනුවෙනි.

Read more

Local News