අඟුණකොළපැලැස්සේ STF විරෝධය අවසන්

Share

බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් ඉවත් කරන ලෙස ඉල්ලා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව මේ වන විට නවතා ඇති බව වාර්තා වෙයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ රැඳවියන් බලධාරීන් සමඟ සකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(21) පෙරවරුවේ සිට විරෝධතාවක නිරත වී සිටියි.

නිරික්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන් විරෝධතාව ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවට එක්ව තිබුණි. ඊයේ රාත්‍රියේ ද ඔවුන් කුළුණ මතට වී විරෝධතාවයේ නිරත වී සිටි බව වාර්තා වෙයි.

බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් ඉන් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

Read more

Local News