විස්සයි20 සංචිතය නම් කෙරේ – නායකත්වය තිසරට

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන 27 දා පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය නම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

තරඟය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් නම් කර ඇති අතර ඔහු ජාතික සංචිතයකට නම්කළ පළමු වතාව මෙයයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, දසුන් ශානක, කමිදු මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්

Read more

Local News