ව්‍යාපාරිකයන් ට E-COMMERCE වලින් වාසියක්

Share

ශ්‍රී ලංකා රේගුව වෙත ලේඛන ඉදිරිපත් කිරීමකින් තොරව විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට E-COMMERCE හරහා භාණ්ඩ යැවීමට මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවි අැත.

ඒ අනුව එක් ගනුදෙනුවක උපරිමය අමෙරිකානු ඩොලර්. 3000 ක් වටිනා භාණ්ඩ, අනුමත ව්‍යාපාරික ක්‍රමවේදය අනුව යැවීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා සහ ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම පිණිස මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කරනු ලැබිය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ආයතනයක් හෝ ව්‍යාපාරයක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් නැතහොත් අපනයනකරුවකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා වෙත ඍජුව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට ලබාදී ඇති මෙම පහසුකම භුක්ති විඳීමට අවසරය හිමිවනු ඇත.

Read more

Local News