ගිහාන්ගේ රොකට්ටුවට ජනපතිගෙන් මිලියනයක්

Share

‍කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති අතින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සදහන් කළේ ය.

ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

Read more

Local News