අකුණු සැර වැදී අයෙක් මරුට – 3කට තුවාල

Share

දමන, වෙහෙරගල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගොවිතැන් කටයුතුවල නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට අකුණු සැර වැදී ඇති බවයි.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ දමන, මහනාගපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්. දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News