කන්ද පාරට අැවිත් ගමනාගමනය අඩාල වෙයි

Share

නුවරඑලිය සහ නානුඔය ප්‍රදේශවලට ඊයේ (22) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑලිය දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

ඊයේ පස්වරු 6 ට පමණ මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගය සම්පුර්ණයෙන්ම පස් වලින්
අවහිර වි ඇත.

කඩා වැටුණු පස් වලින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කිරිමැටිඔයට ද එක් වි තිබේ.

එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම නිසා නානුඔය තංගකැලේ, ඇල්ජින්, මෙරායා, ඌවකැලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි අසිරුතාවයට පත් වි ඇත.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම සඳහා නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයට දැනුම් දි ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read more

Local News