මාතර ඉදන් කතරගමට 21න් පස්සේ දුම්රිය

Share

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් 21 වැනිදා වනවිට අවසන් කිරිමිට නියම්ත බව චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

චීන එක්සිම් බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2ක් වැයකරමින් ඉදිකළ මෙම මාර්ගය නියමිත ප්‍රමිතියට අනුව ඉදිකර තිබේදැයි සොයා බලා, පරීක්ෂණ දුම්රිය චාරිකා කිහිපයක් සිදු කිරීමෙන් පසුව ලබන වසර මුල වනවිට ජනතා අයිතියට පත්කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විත වන බවත්, මෙම මාර්ගයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානය වන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මීටර 110ක දිගින් යුතු ගොඩනැගිල්ලක්ද, මීටර 250 – මීටර් 300 පමණ දිගකින් යුතු වේදිකා 03කින්ද පිහිටා තිබෙන බවත් දුමිරිය දෙපාර්තමේන්තුව වැඩ්දුරටත් පැවසිය.

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පිහිටි කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත යන ප්‍රධාන දුම්රිය ස්ථානවල සහ පිලදූව, වෙහෙරහේන යන උප දුම්රිය ස්ථානවල සේවය කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News