විග්නේශ්වරන් කොටි ලංඡනය ප්‍රතික්ෂේප කරයි

Share

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව නමින් එල්.ටී.ටී.ඊ සලකුණ යොදා අත් පත්‍රිකාවක් යාපනය නගරයේ බෙදා හැර ඇති බව යාපනය ආරක්ෂක අංශ පැවසීය.

ඒ ඔක්තෝම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර ඇති බව ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.

මහා නැගිටීම, මාසයේ,දෙමළ ජනතා පෙරමුණ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙන ලෙසට අදාළ පත්‍රිකාවේ නායකයින්ගේ ලියා ඇති බවද ආරක්ෂක අංශ වැඩ්දුරටත් පැවසිය.

නායකයින්ගේ මාසය යනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු මාසය යන්නෙන් සැකකරන බවට අදහස් කොට ඇති බවද ආරක්ෂක අංශ සැක පළ කරති.

දෙමළ ජනතා පෙරමුණ හෝ වෙනත් කඩකප්පල්කාරි පිරිසක් අදාළ අත්පත්‍රිකාව බෙදා හැර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

විග්නේශ්වරන් මහතා නායකත්වය දරන උතුරු පළාත් සභාවේ ධූර කාලය 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවීමට නියමිතය.

විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව විසින් අද (23) මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර අැත.

Read more

Local News