ලෝකයේ දිගම මුහුදු පාලම අද විවෘත කෙරේ

Share

චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් මෙම පාලම ඉදිකෙරෙන අතර පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගිවීමට ද නියමිත වේ.

ඩොලර් බිලියන 20ක වියදමින් ඉදිවූ මෙම දැවැන්ත පාලම සඳහා වානේ ටොන් හාර ලක්ෂයක් යොදාගෙන ඇති අතර, එම ලෝහ ප්‍රමාණය අයිෆල් කුළුණු 60ක් ඉදිකිරීමට ප්‍රමාණවත් බව සඳහන්.

ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම වන මෙය ජනතාවට විවෘත කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.

පර්ල් ගංඟාධාරයේ සිට මුහුද හරහා ඉදිකර ඇති මෙම පාලම කෘත්‍රිම දිවයින් දෙකක් හරහා දිවෙන අතර, මුහුදු උමඟකින් ද සමන්විතයි.

Read more

Local News