මාලිගාවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කෙරේ

Share

මාලිගාවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය අද (23) දහවල් 12.30 සිට සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙනි.

ක්‍රිකට් තරඟය අවසන් වන තෙක් දොස්තර බ්‍රිටෝ බබා පුල්ලේ මාර්ගය සහ ඛෙත්තාරාම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී සද්ධර්ම මාවත සිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය දක්වාත් දොස්තර බබා පුල්ලේ මාර්ගය ග්‍රැන්ඩ්පාස් පාර දෙසට පමණක් වාහන ධාවනය කෙරෙනු ඇත.

අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News