මම හිතපු එජාපෙ නෙවෙයි දැන් තියෙන්නේ

Share

පොදු අපේක්ෂකයා ලෙස තමන් සන්ධානගතව වන විට හිතාගෙන සිටි එක්සත් ජාතික පක්ෂය වෙනස් බව තේරුණේ ටික කාලයකට පසුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදි පැවැති සේනානායකවරුන්ගේ ගුණ සැමරුමකට එක්වෙමිනි.

”මම මේ කතාව කිව්වේ පොදු අපේකෂකයා විදියට 2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩී.එස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ. දූෂණ වංචාව හොරකම ඒ චරිත වල තිබුණේ නෑ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මහ ප්‍රභල යෝධ දේශපාලන පක්ෂයක් බවට ගොඩනැගුණේ. මගේ පක්ෂයට ගරු කරනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඩී.එස්. ඩඩ්ලි එක්සත් ජාතික පක්ෂය නැවත අනාගතයේ බිහිවේවා කියලා’’ යනුවෙන් ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News