අපි බෝඩ් ගහන ආණ්ඩුවක් නෙවෙයි තලතා කියයි

Share

රජයේ නිලධාරීන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් එහි වගකීමද දේශපාලඥයින්ට දැරීමට සිදුවන බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසීය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තවද  “අපි බෝඩ් ගහන ආණ්ඩුවක් නෙවෙයි.පෝස්ටර් ගහන ආණ්ඩුවක් නෙවෙයි.සමහර වෙලාවට මෙතන කරන දේ උඩවලවේ මිනිස්සු දන්නේ නැහැ වෙන්න පුළුවන්.මෙහෙම තැනක් මෙතන තියෙනවා කියලා හම්බන්තොට අය මෙතන අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඉන්නවා එතුමා දැනුවත් කළොත් දැන ගනියි’’ යනුවෙන් අමාත්‍යවරිය වැඩ්දුරටත් එහිදි පැවසිය.

Read more

Local News