බස්නාහිරට සැහැල්ලු දුම්රිය 7ක්

Share

බස්නාහිර පළාත වෙනුවෙන් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

එම මාර්ග පද්ධති 7න් එක් මාර්ගයක් ජපන් රජයේ ආධාර ඇතිව ජයිකා මූල්‍යනය යටතේ ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාවට සැහැල්ලූ දුම්රිය  මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහද්ධතියක් හඳුන්වාදීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයා කරමින් සිටින බවත්  අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කොට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පැවසීය.

එම සමාගම් සඳහා අවශ්‍ය ආයෝජන කැඳවීමේ සටහන ඔවුන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ අධ්‍යයන විශ්ලේෂණ කටයුතු වලින් අනතුරුව ආයෝජන සැලසුම් අපවෙත ලබාදීම සඳහා 2019 පෙබරවාරි මස දක්වා ඔවුනට කාලය ලබාදී තිබෙන අතර ඉන් පසුව එම අදාල සමාගම තෝරාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා 2019 අග භාගය වන විට බලාපොරොත්තු වෙන බවද පැවසීය.

එම පැකේජ තුන යටතේ, එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියටත්,කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි.

 

Read more

Local News