උතුරු පළාත් සභාවේ අන්තිම දවසේ වෙච්ච අපූරු සිදුවීම් දෙක මෙන්න

Share

උතුරු පළාත් සභාවේ අවසන් රැස්වීම යෙදී තිබුණු අද (23) දවසේ සභිකයින් කේක් කපා ප්‍රධාන අමාත්‍යවරයාට සුබ පතා ගීතයක් ද ඉදිරිපත් කර නික්ම ගියා.

අවසන් සභාවාරය ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර ප්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේෂ්වරන්ගේ උපන්දිනය ද අද ට යෙදී තිබුණු බැවින් සභිකයින් උපන්දින කේක් කපා ප්‍රධාන අමාත්‍යවරයාට සුබ පැතුම් පිරිනැමූවා.

එමෙන්ම උතුරු පළාත් සභා ගීතයද අද සභාවට ඉදිරිපත් කෙරුණා. වසර 5ක් තිස්සේ උතුරු පළාත් සභාව පැවැත් වූ නමුත් නිල කාලය අවසන් වන දින පළාත් ගීතය පළාත් සභාවට ඉදිරිපත් කිරීම ද සුවිශේෂී සිදු වීමක් වුණා.

උතුරු පළාත් සභාවේ නිල කාලය හෙට (24) අවසන් වීමට නියමිතයි.

Read more

Local News